---- කාව්‍යා --- (කෙටි කතාවකි )



"මචං සචිය... පහයි  බං වෙලාව වරෙන් යන්න තේ පාරක් දාගෙන එන්න..ඔහොම හම්බ කරන්නෙ කාට දෙන්නද බං.."

ඔරලෝසුවේ පහ සටහන් වෙන්න මොහොතකට පෙර ගිහාන්ගේ  ගාන්ටාරය කනගාව වදින්න පටන් ගත්ත.මු මොනා නැතත් කන බොන දේවල් වලට වෙලාවට වැඩ කරන එකෙක්.ඒ අතින් මුන් තමා යාළුවො.ඊලග විනාඩියෙ මලත් දැන් බඩ පැලෙන්න කාල.

"ටිකක් ඉදහන් මේ පොඩි වැඩක් ඉවර කරලා එන්නම්."


"මෙන්න මෙහෙ වරෙන් බං යන්න"


තව වචනයක්වත් කියන්න දෙන්නෙ නැතුව මු මාව ඇදගෙන ගියා.මුටනම් පුදුම තේ උණක් තියෙන්නෙ.කොහොම හරි වෙලාවට ඇවිත් ඔෆිස් ඒකෙන දෙන තේ එකත් වරද්දන්නෙ නැතුව බොන එකෙක් මු.


වෙනද වගේම මූ බොරු කියන්න ගත්ත.මාත් ඉතිං ඔව් නෑ බෑ කියාගෙන අහගෙන හිටිය.නැතුව හරස් ප්‍රශ්න අහන්න ගියානම් මේ කන්කරච්චලේ තවත් අහන් ඉන්න වෙන එක විතරයි වෙන්නෙ..



"අම්මට සිරි සචිය.කොහොමද බං.දැක්ක කල්.මොකද කරන්නෙ? කොහෙද වැඩ ? බැන්දද ? තේ එකක් බොන්න ආවද ? ලගද දැන් ඉන්නෙ ?"


"තේ බොනව"


"අර පේන බිල්ඩින් එකේ"


"තාම නෑ.උබලගෙ නංගිත් මාත් එක්ක තරහ උනා "


"නෑ මේ වතුර ටිකක් නාගෙන යන්න ආව "


"නෑ පුතුකුදු ඉරිප්පු වල, නිවාඩුවකට ආව ගමන් "


එක හුස්මට අහපු ප්‍රශ්න ටිකට එක හෙලා උත්තර දීල තමා ආව එකා මොකද කියල බැලුවේ.ඇයි  දෙයියනේ ගහෙන් ගෙඩි එන්න වගේ අහන ප්‍රශ්න  වල හැටි විතරක්


"අඩෝ ප්‍රසන්නය..දැක්ක කල්.ඉතිං වරෙන්කො ඉදගෙන කතා කරමු"


මට කලින් ගිහාන් කාරය ආපු  ඩයල් එක අදුරගත්ත.වෙන කවුරුත් නෙමේ ඒ ලෙවල් බැජ් එකේ හිටපු යාලුවෙක්.ඉස්කෝලේ යන කාලේ කරපු වැඩ.පන්ති නොයා කට් කරල නාන්න ගිය දේවල් , හැමදෙයක්ම වගේ අපි කතා කළා...ඒ සුන්දර අතීතෙනම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ.වෙලාවකට හිතෙනව ආපහු ඉස්කෝලේ යන්න ඇත්නම් කියල.ඒ කාලේ හිටපු සමහරු දැන් බැදල,සමහරු රට ගිහින්.

මිතුරු හවුලේ කතාව බරටම නැගල යනව.හිටපු ගමන් ගිහාන් කාරය දාන පල් හිනාවටනම් මට අසු හාරදාහට මල පනිනවා.ඇයි ඉතිං මු හිනාවෙන සද්දෙ අහල ගම් හත අටකටවත් ගින්නක් නැතුව ඇහෙනව.කතාවෙන් කතාව වෙලාව ගත උනේ අපිටත් නොදනිම.ඔෆිසියෙන් කෝල් එකක් එනකොට තමා දෙලෝ රත් උනේ.

"මචං ප්‍රසා,ඔෆිසියෙන් කෝල් එකක් අපිට යන්න වෙනව.උබේ අලුත් නම්බරේ දියං.වෙලාවක සෙට් වෙමු."


එහෙම කියල මම ෆෝන් එක අරන් ප්‍රසාගෙ නම්බරේ ගහල සේව් කරන්න හැදුව.ඒත් සේව් කරන්න ඉඩක් තිබුනෙ නෑ.හදිසියට ඩිලීට් කරන්න නම්බරයෙක් හොයනකොට ලස්සන නමක් දැක්ක.කොහොම හරි නම්බරේ සේව් කරගෙන ඔෆිස් එකට ඇවිත් ආපහු ෆෝන් එක ගත්තෙ අර නුපුරුදු නම කාගේද කියල බලන්න...


"කෝ....... කෝ............... ආ මේ තියෙන්නෙ . බලමු මිස් එකක් ගහල."

මම මටම කියාගෙන ෆෝන් එක අරං කෝල් එකක් ගත්ත.තප්පර කීපයක් රින්ග්ස් ගිහින් ෆෝන් එක කට් කළා.ඊට පස්සෙ ගත්ත කෝල්ස් පහ හයටම ඒ පිළිතුරෙන් එහාට යන්න බැරි උනා..ෆෝන් එක පැත්තකින් තියල මම වැඩ ටික කරන්න පටන් ගත්ත.

ටී ටික්.. ටී ටික් 


එස් එම් එස් එකක් ආපු බව දැක්ක නිසා කර කර හිටිය වැඩෙත් පැත්තකින් තියල මැසේජ් එක බලන්න ගත්ත.

"හූ ආ යු " ෆ්‍රොම් කාව්‍ය ......

මම මෙච්චර වෙලා ගන්න ට්‍රයි කරපු නම්බරෙන් ආපු එස් එම් එක දැකල අසු හාර දාහට  මල පැන්න..ඒ ලස්සන නම 'කාව්‍ය' ..ඇයි දෙයියනේ මගේ ෆෝන් එකේ මම නොදන්න නමකින් මම නොදන්න නම්බරයක් තියෙනකොට ඒ ගැන අහන්න කෝල් එකක් ගත්තම මේකි කට් කරල  මගෙන් හූ ආ යු කියල අහනව..ෂුවර් එකට මොකියෙක් උනත් මේකිට කතා කරන්න බැරුව ඇති.කඩ්ඩෙන් කොටන්න ගිහින් අනාගන්නවට වඩා  දන්න සිංහලෙන් තේරෙන්න ප්‍රස්නෙ අහන එක හොදයි කියල හිතුන.


"මේ ඔයාගේ නම්බරේ මගේ ෆෝන් එකේ සේව් වෙලා තියෙනවා , එකයි මම ගත්තෙ "


"ඔයා කවුද කියන්නකො ඉස්සෙල්ලම "


"මටත් අහන්න තියෙන්නෙ එමම තමා.මේ කාව්‍යද "


එතනින් එහාට ගෙවුන විනාඩි කීපයේ තිබුනෙ එස් එම් එස් කීපයක් විතරයි.


"ඔව් මේ සිම් එකනම් කාව්‍යගෙ තමා , එත් මේක දැන් යුස්‌ කරන්නෙ මම එයාගේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ් "


"ඔයා කොහෙද ?මගේ ලග ඔයාගේ නම්බරේ කොහෙන්ද ? ඔයා මාව දන්නවද ? "


ප්‍රසාගේ ජාති ජාතිත් පැවත එන ප්‍රශ්න මේනියාව මටත් බෝ වෙලා වගේ කියල හිතෙනකොටනම් උව  මරාගෙන කන්න හිතෙනවා.රැජින මරමින් එස් එම් එස් කරන මේ කෙල්ල කවුද කියලනම් මට දැනගන්නම ඕන උනා.ටික වෙලාවක් යනකන් එස් එම් එස් එකක් ආපු නැති නිසා මම පිස්සෙක් වෙන්න ඇති කියල හිතල කෙල්ල මැසේජ් කරන්නෙ නැතුව  ඇති කියල හිතල ෆෝන් එක පැත්තකින් දාල බල බල හිටපු ස්ටොක් සෙල් ඔවුට් ඩීටෙල් එක  චෙක් කරන්න ගත්ත.


"මේක දිනුවගෙ තමා.දැන් මගේ ලග කවුද ඔයා ? මම එයාට කියන්නම්"


ටික වෙලාවකින් ආපු මැසේජ් එකක එහෙම තිබුන.කෙල්ලෙක්ට කියන්න ලස්සන කොල්ලෙක්ගෙ නමක් කල්පාන කර කර ඉන්නකොට තවත් කෙටි පණිවිඩයක් ආපු බව ෆෝන් එකේ සටහන් උනා .


"ඔයා ෆේස් බුක් එකේ යාලුවෙක් නේද ජුලියස් සීසර් නේද"


කාල වරෙන්කො රබර්.මෙකි මොකාටද එන්න හදන්නෙ.යකෝ ඒ කියන්නෙ මෙකි මාව දන්නවද ? මේ වසරේ සුපිටි මෙගාබයිට් ස්ටාර් මමද ?කොහොමින් කොහොමින් හරි ඔෆිසියත් වහන වෙලාව ඇවිත්, ඔෆිසියෙන් එලියට ඇවිත් ප්‍රශ්න වැලක් අස්සෙ හිතර ආපු ප්‍රසේනෙත් එක්කම මගේ හිතර ආපු නමකුත් දාල රිප්ලයි කළා..


"ඔව් මම සීසර් තමා.ඔයා කවුද ?"


හිතන්න එපා.නම්බරේ රිමුවූ කරල අමතක කරල දාන්න....... කාව්‍ය මැරුනා ..........................
.
.
.
.
.
.
.
.
.
.
.
හිත එක පාරටම මොකද්දකෝ ලොකු  බරකින් පිර උනා වගේ දැනෙන්න ගත්ත,දහසකුත් ප්‍රශ්න එකින් එක ඔලුව වටේ පැටලෙද්දී හුලං කාපගෙන අදුර මැද්දෙන් ඉස්සරහට යන බස් එකේ කොනේ අසුනක මම කවදාවත් නැති බර කල්පනාවකට වැටුන."කාව්‍ය කියන්නෙ ඇත්තටම කවුද ? මම නොදන්න නම්බරයක් ,හරි නමකින් මගේ ෆෝන් එකේ සේව් උනේ කොහොමද ? ඇත්තටම කාව්‍ය කියන කෙනා මැරිලද ?එතකොට මාත් එක්ක මේ එස් එම් කරන්නෙ කවුද ? එයා කොහොමද සීසර් කියල ඉන්නෙ මම කියල දැනගත්තෙ.?

එයා කියපු මේ කතාව ඇත්තද ?
-----------------------------------------------------------

කල්පනා කර කර ඉන්නකොට ෆෝන් එක රිං වෙන්න ගත්ත.බහින තැන කිට්ටුවටම ඇවිත් තිබුන නිසා බැහැලම ෆෝන් එක ආන්සර් කරනවා කියල හිතල බස් එකෙන් බැහැල ෆෝන් එක ගත්ත..මිස් කෝල් හයක් තිබුන.එත් එක කෝල් එකක් ඇරෙන්න අනිත් ඒවා ආවද කියලවත් මට ගානක් තිබුනෙ නෑ.ඒ තරමටම මම මනෝ ලෝකේ අතරමං වෙලා ඉහිට බව තේරුනේ එතකොටයි.


"මොකෝ උබලට හදිසියේ මාව මතක් වෙලා"


කෝල් අරන් තිබුනෙ හසිය.උට කෝල් එකක් අරන් අහන්න ලැබුනෙ එච්චරයි ආදරණීය වචන වැලක් කන් පුරෝල දොන් කාර දෙන්න ගත්ත.අහගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසා මමත් සද්ද නැතුව හිටිය.අන්තිමේදී උ කෝල් කරපු උවමනාව කිවුව.


"මචං අපි සැට් වෙලා ඉන්නෙ.කන්න බොන්න මොන හරි අරං සුපුරුදු ප්ලේස් එකට වරෙන්.තව බෝතලයක් තියෙනවා."


ජීවිතේට මම මේ වගේ බේබද්දෝ ටිකක්නම් දැකල නෑ..මුන් හරියට අරක්කු බොන්නෙ ඇල් වතුර බොනව වගේ..


"අද බෑ බං.මම පොඩි ප්‍රස්නෙක ඉන්නෙ.වෙන දවසක සෙට් වෙමු."


හිතට ෆිට් එකක් නැති නිසා එහෙම කිවුවෙ ටිකක් පාඩුවේ ඉන්න ඕන නිසා.


"මොනාද බං සචිය.උබ හැමදාම ඇහුවොත් බෑ.එක්කො බන ගෙයක්,එක්කො දානයක්,එක්කො ලෙඩක්,එහෙමත් නැත්නම් ප්‍රස්නයක්.වරෙන්කො අපි ඇවිත් කතා කරමු."



"හරි මම එන්නම්.හැබැයි බොන්න බෑ.ඔකේ "


"හරි හරි වරෙන් බං."


ටිකකින් ෆෝන් එක කට් උනා..

"මොකක් , මොනාද ඔයා මේ කියන්නෙ,මේ දේවල් ඇත්තද ?මට මුකුත් තේරෙන්නෙ නෑ "


කඩේට ගිහිං ගන්න ඕන දේවල් අරං කට්ටිය ඉන්න තැනට යන්න පටන් ගත්ත..එතනින් එහාට හැමදෙයක්ම දැනගන්නකං ඔලුව විකාර වෙලා වගේ නිසා සේරම දැනගන්න කියල හිතාගෙන එස් එම් එස්  කරන්න පටන් ගත්ත.


"ඔව් .දැන් ටිකක් දවස් අමතක කරන්න යාලු හැමදෙයක්ම..දැන් හැමදේම වෙලා ඉවරනෙ."


මේ කිසිම දෙයක් තාමත් මට හිතාගන්න බැරුව හිටියෙ.කවුරු හරි මාව මෙගා බයිට් එකකටවත් අරන්ද කියලත් හිතෙන්න ගත්ත.එහෙම උනත් ඉතින් අර කොකාගේ වාරෙට පස්සෙ තිත්තයගේ වාරේ කියන්නං වගේ හොද රජ ගුලියක් දෙන්නම් පුතේ කියල හිත හිතා ඉන්නකොට එක තප්පරේට ඔලුවට ආව දෙකින් මට පොඩි පොටක් අහු උනා.


"ඇත්තද ? පව් නේද ?..අනේ හලෝ හිතුවද මම කොන්ඩේ බැදපු චීනෙක් කියල.ඔයා ඉස්සෙල්ල කිවුව නේද ඔයා මේ සිම් එක පාවිච්චි කරන්නෙ,මොනා හරි කියන්න තියෙනවනම් කියන්න මම එයාට කියන්නම් කියල"


ඇත්තටම මටනම් ඒ වෙලාවේ ටිකක් කේන්ති ගියා.එකකට එකක් නොගැලපෙන කතාවක් ඇතුලෙ මම හිරකාරයෙක් වෙලා වගේ දැනෙන්න ගත්ත නිසා එහෙම ඇහුවේ.

"නෑ මම එහෙම කිවුවේ ඔයා කවුද කියල දැනගන්න"

මේ මොන හතර බීරි කතාවක්ද ? මං ගැන දැනගන්න මෙච්චර වෙලා මෙයා කියපු දේවල් බොරුද ? එත් ඇයි ජීවිතයක් එක්ක මේ වගේ විහිළුවක් කරන්නෙ.විසදගන්න දාහක් ප්‍රශ්න තියෙනකොට එකක් විසදෙයි කියල බලාගෙන ඉන්නකොට තවත් ප්‍රශ්න එන එකනම් දිරවන්නෙම නැති වැඩක්.නොදන්නා නම්බර් පස්සෙ යන එකට මට ගහන්න ඕන ගස් බැදල.
ටික වෙලාවකින් මම යාළුවො හිටපු තැනට ආව.මම එතනට එනකම්ම මුන් දන්නෙ නෑ..

"ආ වරෙන් වරෙන් ගෙනාව දෙයක් ඔය කොහෙන් හරි තියල ඉඩ තියන විදිහට හත් අටපොලකින් වාඩි වෙයන්."

පිළිගැනීමේ කතාවක් වගේ එකක් කර කර හිටපු නිමේෂ් මයික් ඒක පැත්තකින් තියල මට කතා කළා.

"මේ මට බොන්න කියලනම් කියන්න එපා.අද බෑ වෙන දවසක සෙට් වෙමු.උබලගෙ ආතල් ඒක උබල ගනින් මමත් පැත්තකින් සප් එකක් දෙන්නම්"

කියල ඉදගත්තත් හිත අතරමං වෙලා තිබුන ලෝකෙන් එලියට ගන්න බැරි බව මට තේරුනා.

"මොකද්ද බං උබට ප්‍රස්නයක් තියෙනව කිවුවේ.කියහන් සීන් එක ඕන දෙකට බොක්ක උනත් දෙන්නම් චීත්ත කෙස් වලට ඇරෙන්න"

හසියගේ වචන ටිකේ අන්තිම කොටසින් මට තේරුම් ගියා මුන්ට මේ ප්‍රස්නේ කියල වැඩක් නැති බව.අනික මේ වගේ වෙලාවක කොහොමත් වැඩක් නෑ.මුන් තව ටිකකින් පොලවට ලම්බක වෙනව කියල මුන්ගෙ කතාවෙන් මට තේරුනා..මුන් වැටුනම ගෙනිහින් දාන්න ඕනත් මමනේ.අම්මප මට මේ වෙලාවට තමා මේ අරක්කු හොයාගත්ත එකාගෙ දෙමවුපියෝ මතක් වෙන්නෙ.ශික් අම්මප මේ ජරාව හොයාගත්ත වෙලේ කන්න මොනාහරි හොයාගනිල්ල.

"එකෙන්ම ඒක හරි බං.දැන් ප්‍රශ්න ඉවරයි.උබල වැඩේ කන්ටිනියු කරහන්.මම බලං ඉන්නම් "

එතනින් එහාට අපි අතරෙ වැඩිය වචන හුවමාරුවක් උනේ නෑ.ෆෝන් ඒක ආපහු අතට අරන් අන්තිම එස් එම් ඒක යවන්න කියල හිතාගෙන රචනාවක් වගේ හිතට ආපු හැම දෙයක්ම ලිවුව.තව දුරටත් මේ ගැන කතා කරන එක කිසිම තේරුමක් නැති වැඩක් කියල හිතෙන්න ගත්ත.මේ හැමදෙයක්ම විහිළුවක් කියල හිතෙන්න පටන් ගත්ත.

"මං ගැන දැනගන්න ඕනනම් මම ඔයාට ඕන දෙයක් කියන්නම්.එත් මං ගැන දැනගන්න මේ වගේ කැත විහිළුවක් කරපු එක ගැන දුකයි.සමහර විට ඒ ඔයාගෙ නොතේරෙන කමට වෙන්න ඇති.කමක් නෑ.මේ දේ මෙතනින් අල්ලල දාමු..මීට පස්සෙ කාටවත් මේ වගේ කැත විහිළු කරන්න එපා.මාව බයිට් කරපු එක ඔයාට සතුටක්නම් අවුලක් නෑ.මම ආයේ ඔයාට මැසේජ් කරන්නෙ නෑ.මම නම්බර් එක ඩිලීට් කරන්නම්.ගුට් නයිට් ,බුදුසරණයි "

"මම බොරු නෙමේ කියන්නෙ ෆ්‍රෙන්ඩ්.මම හිරුෂි.ඒ දේ ගැන දැන් අමතක කරල දාන්න.ඇයි ඔයා ඒ ගැන තවත් හිතන්නෙ.එයා ඔයාගෙ මැන්ගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නෙමේනෙ."

මම යවපු මැසේජ් එකට පිළිතුරක් එන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ..
යකෝ මේ කෙල්ලට පිස්සුද මට පිස්සුද,කාව්‍ය මැරුණලු ,එහෙම නෑලු.මෙයා හිරුෂිලු..කියපුව අමතක කරන්නෙ කොහොමද අදුරන්නෙ නැති උනත් මේ ප්‍රස්නෙ විසදගන්නකම් රෑට නින්ද යන්නෙ නෑ කියලනම් දැන් මට හොදටම ෂුවර්..අත පය තියාගෙන ඉන්න බැරුවට මැසේජ් යවනවට මට හොද වැඩේ.අනේ මාව කොටිය කෑවනම් මීට වඩා සැපයි.

"අමතක කරන්න තිබුන හැමදේම.නම්බරෙත් ඩිලීට් කරන්න තිබුන.එත්  ඔයා කියපු සමහර දේවල් නිසා මට මේ දේවල් දැනගන්නකං ඔලුව විකාරයි වගේ,මගේ නම්බර් එකත් දන්නවනම් , මගේ ෆෝන් එකේ ඔය නම්බරේ තියෙනවනම් කවුද කියල දැනගන්න එක සාදාරනයි නේද.?"


තව දුරටත් මේ තේරුමක් නැති දේ ගැන කල්පනා කරන එක කිසිම තේරුමක් නැති වැඩක් කියල මට තේරුනා,මෙයා කිසි දෙයක් හරියට කියන්නෙ නෑ කියල තේරුණා. ඒ නිසා පොඩි මැසේජ් එකක් යවල ෆෝන් එක පැත්තකින් තියල යාළුවො ටික එක්ක සෙට් වෙන්න කියල හිතාගෙන ටිකක් මනස සැහැල්ලු  කරගන්න හදනකොට ආපහු ෆෝන් එක කෑ ගහන්න පටන් ගත්ත.කරපු වැරැද්දට සමාව ඉල්ලල අන්තිම මැසේජ් එකත් එයා එවන්න ඇති කියල හිතල  ෆෝන් එක ගත්ත.එත් එහෙම දෙයක් ගැන නෙමේ තිබුනෙ.මම වැරදි වගේ අගවන්න එවපු මැසේජ් එකක් 

"මේ නම්බර් එකෙන් ඔයාට කරදරයක් නෑනෙ යාලු.මම ඔයාට මිස් කෝල් ගැහුවද , කරදර කලාද , හැමවෙලේම මැසේජ් කලාද , ඔයාව බයිට් කලාද ?නෑනේ ....ඉතිං රටේ ලෝකේ ඉන්න කාගේවත් නම්බරයක් ඔයා ඔලුවට ගන්න එපා.අනික මේ නොදන්න කෙනෙක්ගෙ මරණයක් ගැන ඇයි ඔයා මේ තරම් හිතන්නෙ.ඔයාල එෆ් බී එකෙන් අදුර ගත්ත කාලේ නම්බර් මාරු කරගන්න ඇති.මේ සිම් එක එයා මට දුන්නෙ."

රචනාවක් වගේ ආපු මැසේජ් එකේ තිබුන ඒ වචන ටික මගේ හදවතේ වදින්න ඕන නියම තැනටම වැදුන කියල මට දැනෙන්න ගත්ත.හැමදෙයක්ම පැටලුන නුල් බෝලයක් වගේ වෙලා.මිනිස්සුත් හරිම පුදුමයි,එයාල වෙන අය ගැන හිතන විදිහත් පුදුමයි.එත් හැමෝටම එක වගේ හිතන්න බැරි බව දන්නෙ කීපදෙනෙක් විතරයි.අන්තිමට මම අහගන්න ඕන දේ අහගත්ත.ඕක අහගන්නේ උබ මෙච්චර වෙලා දැගලුවේ.මගේ හිත මටම කියන්න ගත්ත.එත් එයා හිතන විදිහට මට හිතන්න බෑ..මේ වගේ කතාවක් අහල තව දුරටත් මැසේජ් කරනාද නැද්ද කියන ප්‍රස්නෙ හිතට වද දෙන්න ගත්ත.එයා කියපු වචන එක්ක මම මොහොතක් කල්පනා කරන්න ගත්ත,ඒ වෙනකොටත් වටේ පිටේ සද්ද කිසිම දෙයක් ඇහෙන්න නැති බව මට තේරුනා.ඇත්තටම මට මොකද වෙලා තියෙන්නේ.එයාගෙ පැත්තෙන් එය දකින විදිහ සාදාරනයි.

"හ්ම්ම් ඔව් .ඔයා කියන් එක හරි.මම මොකටද මේ කොහෙවත් නැති නම්බරයක් පස්සෙ මෙච්චර පන්නන්නෙ.අනික නොදන්න කෙනෙක් මැරුණට මට මොකෝ.මගේ කවුරුත් නෙමේනෙ,මම මොකටද මේ දේවල් ඔලුවට ගන්නෙ..ඒ ඔයාට හිතෙන හැටි.එත් ඔයා හිතන විදිහට මට හිතන්න බෑ,මොකද මම ඔයා නෙමේ.මේ ලෝකේ ඉන්න කවුරු හරි කෙනෙක් මැරුණ කියල දැනගත්තම ඒ දේ හිතට දැනෙන්න එයා තමන්ගෙම කෙනෙක් වෙන්න ඕන නෑ.එයා යාලුවෙක් නෑදෑයෙක් වෙන්න ඕන නෑ.එහෙම දෙයක් දැනගත්තම ඒ දේ ගැන හරියට දැනගන්නකං ඔලුව විකාර වගේ දැනෙන්න එයා තමන්ගෙ කෙනෙක් වෙන්න ඕන නෑ.ඔයා කවුද කියලවත් මම දන්නෙ නෑ.එත් ඔයා හිතන පටු විදිහට මට හැමදෙයක්ම ගැන හිතන්න බෑ.මගේ ෆෝන් එකේ තිබුන නම්බරයක් , එක දවසක් හරි මාත් එක්ක චැට් කරපු කෙනෙක් මැරුණ කිවුවම ඒ ගැන දැනගන්න මට අයිතියක් නැද්ද,.නම්බරේ මගේ ෆෝන් එකේ සෙවූ උන හැටි විතරයි මට දැනගන්න ඕන උනේ.කමක් නෑ ඔයාට මම ආයේ කරදර කරන්නෙ නෑ,ඔයා මට මුකුත් කියන්නෙත් නෑ කියල මම දන්නව.මේ හැමදෙයක්ම ඇත්තක්නම් මේ ටික හරි කිවුවට ඔයාට තැන්ක්ස්.පරිස්සමින් ඉන්න.බුදු සරණයි."

අහපු දේවල් , කියපු දේවල් දැනුන දේවලුත් එක්ක හිතේ හැංගිලා රිදුම් දිදී තිබුන හැමදෙයක්ම එක දිගටම කියාගෙන කියාගෙන ගියා.මේ දේවල් ඇත්තද බොරුද කියන ප්‍රස්නෙ අනිත් හැම ප්‍රස්නේකටම වඩා දරුණුවට හිතට වද දෙන්න ගත්ත.
එතනින් එහාට ගෙවීගිය විනාඩි කීපයේ අදුර ඉරාගෙන හිමීට ඇහෙන ගීත කොටස් කීපයක් අස්සෙන් ගෙම්බන්ගේ මුසල හඩවල් වලින් මුළු හාත්පසම ගිලගත්ත. මදු විත පුරවා දාගත් වීදුවරුක් එක්ක මම ටිකක් මිතුරන්ගෙන් ඈත් වී වෙල ලග බන්ට් එක උඩට ඇවිත් අහස දිහා බලං ඉන්න පටන් ගත්ත.
අපේ කට්ටිය බොන්න හදාගෙන තියන තැන තිබුනෙ අමුතුම ගතියක්..වටෙන්ම විශාල ගස් හැදිල මැද රවුමට හැදුන හිස් බිමක් තියන තැනක.ඒ තැනට අඩි දෙක තුනක් එහා පැත්තෙන් වෙල අයිනෙන් ඇලක් බැහැගෙන යනව.සීත සුළං පාරක් වැදීගෙන සෙට් වෙන්න නියම තැන.
අරන් ආව වීදුරුව හිමිට හිමිට ඉවර කරල ආපහු අහස දිහා බලාගෙන ටික වෙලාවක් ඉන්නකොට එස් එම් එස් එකක් ආව.

"ඔයා හොදයි යාලු.කාව්‍ය මට ඔයා ගැන කියල තියෙනව.මම තරම් කාව්‍යාගේ ජීවිතේට ලගින් ඉන්න කෙනෙක් තවත් නෑ.මැරුණ ගානට කාව්‍ය තාම ජීවත් වෙනව රොෂාන්.ඔයාගේ හිතේ ඒ කෙල්ල ගැන සහෝදර කමක් තිබුන කියල මට දැනුන රොෂාන්.කාටවත් කියන්න එපා කාව්‍ය තාම ජීවත් වෙනව.එත් මැරුණ කෙනෙක් වගේ,හුස්ම ගන්නව විතරයි."

රොෂාන් කියල මට එයා කිවුවෙ එයාට මගේ නම රොෂාන් කියල කියපු නිසා,කාට උනත් මුලින්ම ඇත්ත කියන්න බෑනේ.හැමදෙයක්ම ආපහු මුලින් හිටපු තැනටම වැටෙන්න පටන් ගත්ත.ඇයි හිරුෂි මේ හැමදෙයක්ම මට කියන්නෙ නැත්තෙ.ඇත්තටම මොකද වෙලා තියෙන්නේ.සුළු මොහොතකින් තවත් තවත් මැසේජ් එකක් ආව.

"ආදරයක් ජීවිතයක් විනාශ කළා රොෂාන්.දවසක් හරි චැට් කරපු යාළුකමට ඔයා ගරු කරපු නිසයි ඇත්තම කිවුවේ,"

"එහෙනම් ඔයාට පුලුවනේ මට හැමදෙයක්ම කියන්න.මුල ඉදන් උන දේවල් එහෙනම් මට කියන්න."

හිරුෂි එවපු මැසේජ් එකට මම යවපු රිප්ලයි එකට මම පිළිතුරක් බලාපොරොත්තු උනත් එතනින් එහාට තව දුරටත් එයාට මට මුකුත් කියන්න උවමනාවක් නෑ කියල මට තේරුනේ ගෙදර ඇවිත් පහුවදා උදේ වෙනකනුත් කිසිම කෝල් එකක්වත් මැසේජ් එකක්වත් ආපු නැති නිසා.. කෙනෙකෙගේ ජීවිතයක් ගැන හාර අවුස්සන එකට ඒ කෙනා කැමති නැත්නම් තවත් එතනින් එහාට එයා ගැන හොයන එක තේරුමක් නැති වැඩක් කියල හිතෙන්න ගත්ත..එත් කිසිම ප්‍රස්නෙකට හරි හමන් උත්තරයක්‌ ලැබෙන්නෙ නැතුව අවසන් උන මේ එස් එම් එස් ගනු දෙනුව ජීවිතේ කවදාවත් අමතක නො‍වන සිදුවීමක් වෙයි..මේ හැමදෙයක්ම ඇත්තද ?
කවුද මේ හිරුෂි ?
ඇත්තටම කාව්‍යට මොකද උනේ ?
අන්තිමට හිතේ ඉතුරු උන ප්‍රශ්න ටිකත් එක්ක පුරුදු ජීවිතේට එන්න උත්සහ කළා,ටිකෙන් ටික හැමදේම කාලයත් එක්ක වැළලිලා යාවී.හැමදෙයක්ම ඇත්තක්නම් ඒ අසරණ කෙල්ලට කිසි කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන එක විතරයි කරන්න තියෙන්නෙ ...
                                        .
                                        .
                                        .
                                        .

                                        .
                                        .
                                        .
                                        .
                                      නිමි 


ප:ලි -මම කතා ලියන්න හරියටම දන්නෙ  නෑ..මේ සිදුවීම උනාම මට හිතුන මේක ගැන ලියන්න.යම්කිසි සිදුවීමකින් ලස්සන නිර්මාණයක් කරන්න දරපු පුංචි උත්සහයක්,කියවන්න කැමැති අයට මේක මොන වගේ වෙයිද කියල කියන්න මම දන්නෙ නෑ.වැරදි අඩුපාඩුනම් ගොඩක් ඇති..ඔයාලට පේන හැම වැරද්දක්ම මට පෙන්නන්න .









9 comments:

පිස්සු සාජන් said...

පට්ට පටපට (Y)

රසිකයෙක් said...

හොද උත්සාහයක් දිගටම ලියන්න එතකොට හොද හොද කතා ලියන්න පුලුවන් වේවි

Thilan S said...

niyamai... Awasanaya tikak apahadili..

Lahiru Mudith said...

ජයවේවා ජුලියස් ......දිගටම ලියන්න

තෂිල රචිත්‍ර said...

කතාව හොඳයි..... එකෙන්ම තවත් උත්සහ කරලා කතා ලියන්න

Anonymous said...

අඩේ ෆට්ට බං ෆට්ට ...සිරාවට එලටම හිතට වැදෙන්න ලියල තියනව ..තව ලියහන් මචන් ..එතකොට උඹ පර්ෆෙක්ට් වෙයි ...ජය වේවා !

chamiakora said...

pattai machan....me kathawa aththa ekakda????lassanata liyala macho...thawa liyapan...suba!!!

lassana diyakiduri said...

එල.ඒත් පොඩි අවුලක් තියනවා.ඔයගෙ නම සචිත් රොශාන් ද?

බිනරි said...

මේවා ඇත්තටම අත්විඳපු දේවල් නේද කියලා අහන්නම හිතුනා......
කොහොම හරි තව ලියන්න......

Post a Comment