---ඉස්සර අපි --- 01 කොටස

මගේ නම නිසල්.මම පොඩිකාලේ ඉදන් හැදුනෙ වැඩුනෙ මෙහෙ.ඉස්කෝලේ ගියේ,පන්ති ගියේ,සෙල්ලම් කලේ සේරම මෙහේ ...ඉස්සර අපේ හිටිය ලොකු සෙට් එකක්..අපේ ගැන්සියේ..එකේ ඉදන් දහයට ගනින්න බැරි කාලේ ඉදන් අපි පස් දෙනා එකටමයි මොන දේ කලත්..ඒ කාලේ පොඩි උනත් අපිට වඩා චන්ඩි අහල ගම් හතවත් නැතුව ඇති කියල තමා හිතාගෙන හිටියේ..
මොනවා උනත් ඒ අතීතෙ මාර ලස්සනයි.. අපි එක බත් එක බෙදාගෙන කාල,එකම ඇදුම මාරුකරගෙන ඇදල,පන්ති ගිහින් එන්න තියෙන සල්ලි වලින් කඩචෝරු කාල පයින් ආව කාලයක් තිබුන..ඒ වගේම වලියකදී උනත් අපි එකා වගේ හිටිය...
පස්සෙ කාලයක් යනකොට සාමාන්‍ය පෙළයි උසස් පෙළයි කියන විබාග ටික අහවර උනා.දැන් පන්ති නෑ ඉස්කෝලෙ නෑ.උදේ ඉදන් රෑ වෙනකම්ම දවල්ට කන්න එන්නෙ නැතුව රෑ වෙනකම් සෙල්ලං කරපු කාලයක් තිබුන..කොයි වෙලේ බැලුවත් එක්කො අපි ග්‍රවුන්ඩ් එකේ,නැත්නම් ටවුන් එකේ..
ඔහොමත් කාලයක් ඉන්නකොට රස්සා කියන බර අපේ ඔලු වලට තදින්ම වද දෙන්න ගත්ත..මේකට ලොකුම හේතුව උනේ ගෙවල් වල අයගෙ බර බරේ ... පස්සෙ මේක අපේ ඔලු වලට මහා බරක් වෙන්න ගත්ත,,අර සුන්දර කාලෙට කණකොකා හඩන්න ලගයි කියල අපිට තේරුනා...එත් මොන දේ උනත් ඒ මිතුරුකම හැමදාටම තියෙනව කියලත් අපි ඉර හද වගේ විශ්වාසෙන් දැනගෙන හිටියෙ..
පස්සෙ පස්සෙ

අපි රස්සා වලට යන්න ගත්ත..හැමෝම කාර්යබහුල උනා..පරණ දගකාර කම් වලින් ඈත් වෙලා වගකීම් කියන නැවට ගොඩවෙන්න උනා..කාලයාගේ ඇවෑමෙන් ඉස්සර හැමදාම හම්බෙන අපිට හම්බෙන්න උනේ මාස දෙක තුනකට සැරයක්..එකෙක් රට,තව කෙනෙක් එයාෆොර්ස් එකේ..අද මගේ පරණ යාලුවෙක් ආව..ඉතින් අම්ම හදපු කිරි එකත් අරන් දෙන්න එලියෙ පුටු දෙකක් තියාගෙන ආගිය තොරතුරු කතා කරන්න ගත්ත..ඒ අතර අපි පන්ති ගියකාලේ ඉංග්‍රීසි ඉගන ගත්ත හැටිත් කතා උනා..
*ඉස්සර අපි අපේ ගමේ තිබුන පන්තියකට ගියේ..ඒ පන්තිය තමා ඒ පැත්තටම තිබුන හොදම පන්තිය..ඉස්සර අපිට පංතියෙ ගණන් උදේ අටේ ඉදල දහය හමාර වෙනකල්.ඊට පස්සෙ පැයබාගෙක ඉන්ටර්වල් එකකින් පස්සෙ ඉංග්‍රීසි..අපි දෙන්න පන්ති යනකම් ඔය ඉංග්‍රීසි පන්තියට ගියේ දවස් දෙකයි.පලවෙනි දවසයි දෙවැනි දවසයි..සර් කාරයට අපිව නොට් වෙන්න කලින් ඊලග සතියෙ ඉදන් කට කරන්න පටන් ගත්ත..ඒ කාලේ අපිට ඉංග්‍රීසි කියන නම ත් වහ කදුරු වගේ..
අරුන් ටික ඉගන ගන්නව..ඉගන ගන්නව කිවුවට උන් කලෙත් කෙල්ලන්ට ඇහැ දාපු එක විතරයි..
ඉතින් මායි මුයි පැන්නම හෙන ආතල්..ඉස්සෙලම කරන්නෙ ඒ ලගපාත අයිය කෙනෙක්ගෙ කඩේට ගිහින් කාඩ් එක අරන් සර්ගෙ හොර අත්සන් ගහනව පන්තියට ආව කියල..මොකද ඉස්සර පන්තියට යද්දී කාඩ් මාර්ක් කරන්නෙ සර්..අපිට සර්ගෙ අත්සන පුරුදුවෙන්න සති දෙකක් ගියෙ නැත්නම් පලවෙනි සතියෙන්ම කට් කරන්න පටන් ගන්නව..
දැන් ඉතින් මටයි අරුටයි පට්ට ආතල්..අපි ගෙදර යන්න පටන් ගන්නෙ ඊට පස්සෙ..පන්තිය ගාවින් ටිකක් එහායින් තව පාරක් තියෙනව වෙන ගමකට යන්න...ඕකෙන් ගිහිනුත් අපේ ගමට යන්න පුළුවන්...හැබැයි පැය දෙකක් විතර යනව..ඉතින් මායි මුයි පන්තිය ඉවර උන ගමන් ඒ පාරින් ගමන පටන් ගන්නව.වෙලවල් මැද්දෙන් ,රබර්වතු මැද්දෙන්,ඇවිත් ගෙවල් ගාවට එනකොට ගානට පන්ති ඇරිලා ගෙදර එන වෙලාව සෙට් වෙනව..ඉතින් ගෙදර අය හිතන්නෙ අපි හොදට ඉංග්‍රීසි දන්නවා ඇති කියල..ඇයි ඉතින් අපි ඉංග්‍රීසි පන්ති ඉදල හැමදාම මහන්සියෙන් ගෙදර එන නිසා...
ඔන්න ඔහොමයි අපි ඉස්සර ඉංග්‍රීසි කලේ..කොහොම උනත් ඉස්කෝලෙන් හරි ටිකක් මොලේට වැටුන නිසාද මන්ද ඉංග්‍රීසි වලට එස් එකක ආව ඕලෙවල් වලට.....
~~~~~~හොදම වැඩේ කියන්නෙ සර් අදටත් දන්නෙ නැතුව ඇති අපි සර්ගෙ ඉංග්‍රීසි පන්ති ආව කියල~~~~~

1 comments:

සුදු මහත්තයා said...

ශෝක ගැන්සිය අෆ්ෆා///ආස හිතෙනවා.. ඉතුරු ටිකත් දාන්න

Post a Comment