--මන්දාකිණි--


   01 

 හාත්පසම ගිලී තිබුන ගණ අන්ධකාරය කෙමින් කෙමින් තමාගේ රාජකාරිය අවසන් කරන්න සැරසෙත්ම උදේම ඇද ලග ඉදන් මහ හයියෙන් බෙරිහන් දෙන කුළු මී හරක මොකාද කියල බලන්න ඇනුමක් දෙකක් ඇර නැගිට්ටේ හරියට මාස ගානක් එක දිගට නිදාගත් අයෙකු ලෙසිනි .

"අඩෝ මොනාද බං කරන්නෙ උබ තාම නිදිද.ලැජ්ජයිනෙ බං ආ ... ටිකක් අපි වගේ වේලාසන ඇහැරිලා ෆුල් ෆිට් එකේ  ඉදහන්කෝ."

ගයාන් කාරය අද කුකුල කරේ තියන්නම අපේ ගෙදර ඇවිත් තියෙන්නෙ මොකද කියල  මට හිතාගන්න බැරි උනා.කෝකටත් කියල මම ෆෝන් එක අරගෙන වෙලාව බැලුවෙ මු කියනව වගේ එලි වෙනකම්ම නිදාගෙනවත්ද කියල බලන්න.

"මොනාද බං උදේ පාන්දරම කක්කුස්සි බර හැදිච්ච එකෙක් වගේ බෙරිහන් දෙන්නෙ.ටිකක් නිදාගන්න දීපන්කො.උදේ පාන්දර වැඩක් නැත්තම් අන්න අපේ වත්ත පල්ලෙහා තණකොළ ටිකක් වැවිල තියෙනව , ඔය කොහෙන්හරි පොඩි බංකු කෑල්ලක් අරන් ගිහින් ඉදගෙන කාල වරෙන්.මෙතන පාන්දරම මට පව් නොදී."