---- කාව්‍යා --- (කෙටි කතාවකි )



"මචං සචිය... පහයි  බං වෙලාව වරෙන් යන්න තේ පාරක් දාගෙන එන්න..ඔහොම හම්බ කරන්නෙ කාට දෙන්නද බං.."

ඔරලෝසුවේ පහ සටහන් වෙන්න මොහොතකට පෙර ගිහාන්ගේ  ගාන්ටාරය කනගාව වදින්න පටන් ගත්ත.මු මොනා නැතත් කන බොන දේවල් වලට වෙලාවට වැඩ කරන එකෙක්.ඒ අතින් මුන් තමා යාළුවො.ඊලග විනාඩියෙ මලත් දැන් බඩ පැලෙන්න කාල.

"ටිකක් ඉදහන් මේ පොඩි වැඩක් ඉවර කරලා එන්නම්."


"මෙන්න මෙහෙ වරෙන් බං යන්න"


තව වචනයක්වත් කියන්න දෙන්නෙ නැතුව මු මාව ඇදගෙන ගියා.මුටනම් පුදුම තේ උණක් තියෙන්නෙ.කොහොම හරි වෙලාවට ඇවිත් ඔෆිස් ඒකෙන දෙන තේ එකත් වරද්දන්නෙ නැතුව බොන එකෙක් මු.


වෙනද වගේම මූ බොරු කියන්න ගත්ත.මාත් ඉතිං ඔව් නෑ බෑ කියාගෙන අහගෙන හිටිය.නැතුව හරස් ප්‍රශ්න අහන්න ගියානම් මේ කන්කරච්චලේ තවත් අහන් ඉන්න වෙන එක විතරයි වෙන්නෙ..

--මන්දාකිණි--


   01 

 හාත්පසම ගිලී තිබුන ගණ අන්ධකාරය කෙමින් කෙමින් තමාගේ රාජකාරිය අවසන් කරන්න සැරසෙත්ම උදේම ඇද ලග ඉදන් මහ හයියෙන් බෙරිහන් දෙන කුළු මී හරක මොකාද කියල බලන්න ඇනුමක් දෙකක් ඇර නැගිට්ටේ හරියට මාස ගානක් එක දිගට නිදාගත් අයෙකු ලෙසිනි .

"අඩෝ මොනාද බං කරන්නෙ උබ තාම නිදිද.ලැජ්ජයිනෙ බං ආ ... ටිකක් අපි වගේ වේලාසන ඇහැරිලා ෆුල් ෆිට් එකේ  ඉදහන්කෝ."

ගයාන් කාරය අද කුකුල කරේ තියන්නම අපේ ගෙදර ඇවිත් තියෙන්නෙ මොකද කියල  මට හිතාගන්න බැරි උනා.කෝකටත් කියල මම ෆෝන් එක අරගෙන වෙලාව බැලුවෙ මු කියනව වගේ එලි වෙනකම්ම නිදාගෙනවත්ද කියල බලන්න.

"මොනාද බං උදේ පාන්දරම කක්කුස්සි බර හැදිච්ච එකෙක් වගේ බෙරිහන් දෙන්නෙ.ටිකක් නිදාගන්න දීපන්කො.උදේ පාන්දර වැඩක් නැත්තම් අන්න අපේ වත්ත පල්ලෙහා තණකොළ ටිකක් වැවිල තියෙනව , ඔය කොහෙන්හරි පොඩි බංකු කෑල්ලක් අරන් ගිහින් ඉදගෙන කාල වරෙන්.මෙතන පාන්දරම මට පව් නොදී."