---ඉස්සර අපි --- 01 කොටස

මගේ නම නිසල්.මම පොඩිකාලේ ඉදන් හැදුනෙ වැඩුනෙ මෙහෙ.ඉස්කෝලේ ගියේ,පන්ති ගියේ,සෙල්ලම් කලේ සේරම මෙහේ ...ඉස්සර අපේ හිටිය ලොකු සෙට් එකක්..අපේ ගැන්සියේ..එකේ ඉදන් දහයට ගනින්න බැරි කාලේ ඉදන් අපි පස් දෙනා එකටමයි මොන දේ කලත්..ඒ කාලේ පොඩි උනත් අපිට වඩා චන්ඩි අහල ගම් හතවත් නැතුව ඇති කියල තමා හිතාගෙන හිටියේ..
මොනවා උනත් ඒ අතීතෙ මාර ලස්සනයි.. අපි එක බත් එක බෙදාගෙන කාල,එකම ඇදුම මාරුකරගෙන ඇදල,පන්ති ගිහින් එන්න තියෙන සල්ලි වලින් කඩචෝරු කාල පයින් ආව කාලයක් තිබුන..ඒ වගේම වලියකදී උනත් අපි එකා වගේ හිටිය...
පස්සෙ කාලයක් යනකොට සාමාන්‍ය පෙළයි උසස් පෙළයි කියන විබාග ටික අහවර උනා.දැන් පන්ති නෑ ඉස්කෝලෙ නෑ.උදේ ඉදන් රෑ වෙනකම්ම දවල්ට කන්න එන්නෙ නැතුව රෑ වෙනකම් සෙල්ලං කරපු කාලයක් තිබුන..කොයි වෙලේ බැලුවත් එක්කො අපි ග්‍රවුන්ඩ් එකේ,නැත්නම් ටවුන් එකේ..
ඔහොමත් කාලයක් ඉන්නකොට රස්සා කියන බර අපේ ඔලු වලට තදින්ම වද දෙන්න ගත්ත..මේකට ලොකුම හේතුව උනේ ගෙවල් වල අයගෙ බර බරේ ... පස්සෙ මේක අපේ ඔලු වලට මහා බරක් වෙන්න ගත්ත,,අර සුන්දර කාලෙට කණකොකා හඩන්න ලගයි කියල අපිට තේරුනා...එත් මොන දේ උනත් ඒ මිතුරුකම හැමදාටම තියෙනව කියලත් අපි ඉර හද වගේ විශ්වාසෙන් දැනගෙන හිටියෙ..
පස්සෙ පස්සෙ