--මන්දාකිණි--


   01 

 හාත්පසම ගිලී තිබුන ගණ අන්ධකාරය කෙමින් කෙමින් තමාගේ රාජකාරිය අවසන් කරන්න සැරසෙත්ම උදේම ඇද ලග ඉදන් මහ හයියෙන් බෙරිහන් දෙන කුළු මී හරක මොකාද කියල බලන්න ඇනුමක් දෙකක් ඇර නැගිට්ටේ හරියට මාස ගානක් එක දිගට නිදාගත් අයෙකු ලෙසිනි .

"අඩෝ මොනාද බං කරන්නෙ උබ තාම නිදිද.ලැජ්ජයිනෙ බං ආ ... ටිකක් අපි වගේ වේලාසන ඇහැරිලා ෆුල් ෆිට් එකේ  ඉදහන්කෝ."

ගයාන් කාරය අද කුකුල කරේ තියන්නම අපේ ගෙදර ඇවිත් තියෙන්නෙ මොකද කියල  මට හිතාගන්න බැරි උනා.කෝකටත් කියල මම ෆෝන් එක අරගෙන වෙලාව බැලුවෙ මු කියනව වගේ එලි වෙනකම්ම නිදාගෙනවත්ද කියල බලන්න.

"මොනාද බං උදේ පාන්දරම කක්කුස්සි බර හැදිච්ච එකෙක් වගේ බෙරිහන් දෙන්නෙ.ටිකක් නිදාගන්න දීපන්කො.උදේ පාන්දර වැඩක් නැත්තම් අන්න අපේ වත්ත පල්ලෙහා තණකොළ ටිකක් වැවිල තියෙනව , ඔය කොහෙන්හරි පොඩි බංකු කෑල්ලක් අරන් ගිහින් ඉදගෙන කාල වරෙන්.මෙතන පාන්දරම මට පව් නොදී."


"ලොකු පුතේ.ඔය ළමයින්ට කතා කරන හැටිද.කුම්බකරනයෙක් වගේ නිදාගෙන ඉන්නෙ නැතුව නැගිටල මුණ හෝදගෙන මේ තේ එක බොන්න."

කියමින් අම්ම තේ දෙකකුත් අරන් කාමරේට ආව.

"ගයාන් පුතේ තේ ටිකක් බීල ඉන්න."

"මම තේ එකක් බීල ආවේ නැන්දෙ.අපරාදේ කරදර උනේ "

"එකට කමක් නෑ පුතේ.මොකද අපේ ගෙදරින් තේ එකක් බිවුව කියල වැඩි වෙනවද "

අනේ මගේ කට මු ගෙදරින් තේ දහයක් බීල ආවත් මෙතන තේ බවුසරයක් තිබුනත් බොන ජාතියෙ පොරක්.උගේ හැටි මම නොදන්නවයැ.මුට වීරක්කොඩි කියන නම වැටුනෙත් මුගේ පෙරේත කම නිසානෙ.


"හරි දැන් කියපන්කො මේ උදේ පාන්දරම මගේ සුන්දර මනෝ ලෝකේ කලා දාල මාවත් ඇහැරුවේ මොන මගුලක් කියන්නද කියල.මොකද අද සුර්යග්‍රනයක් වත් තියෙනවද.නැත්තම් මුහුදවත් ගොඩ ගලල උබලගේ ගෙදරට වතුර දාලද ."

ඇයි දෙයියනේ එහෙම අහන්නෙ නැතුව පුලුවන්ද .එහෙම දෙයක් උනොත් ඇරෙන්න ජීවිතේට මු අපේ ගෙදරට පාන්දර එන ජාතියෙ පොරක් නෙමේනෙ.

"රෙද්දෙ  සුර්යග්‍රනයක් නෙමේ බං ,අද නේද අපේ මැච් එක.ඇයි උබව ටීම් ඒකෙන අයින් කලාවත්ද ."

"මොන මැච් එකෙක්ද බං."

"ඇයි ගොනෝ අපේ යුත් එකේ මැච් එකේ ෆයිනල් එක අද නේද.උබ මොන ලෝකෙද ඉන්නෙ.අන්න අරුන් අරෙහෙ ලැස්ති වෙනවලු.එක්මනට මුණ හෝදගෙන දත් ටික මැදල ඇදගනින්.මම ඉක්මනට ගිහින් ඇදුමක් දාගෙන එන්නම්..."

කියල ඇදෙන් නැගිට්ට ගයාන්

"මේ බලහං උබේ තේ එක.එක මෙසේම නිමිල.ඉඩහන් මම මේක විසි කරල කෝප්ප දෙක හෝදල එන්නම්." කියා කාමරයෙන් ගියා.
තේ එක විසිකිරිල්ල කෙසේ වෙතත් එකත් උගේ බඩට යන විත්තිය හොදට දන්නව.වටේ තිබුන පාලු ගතිය යන්නත් එක්ක කට පුරා ඈනුමක් ඇරල ලිදලගට ගියා මුණ හෝදගන්න..

පුටු පුටු ගලා පරණ මොරිස්මයිනර් එකක වගේ සද්දයක් ඇහෙනකොට ගයාන් ගේ ලගට ඇවිත් කියල තේරුනා.ඉක්මනට ඇදගෙන ඇද යට තිබුන බැට් දෙක අරන් එලියට ආව.
"මේ ඔයි කෙල්ලෙක් බලන්න යන්නද උබ ආවේ.ඔන්න ඔය මගුල මෙහෙන් දාල පයින් යමන්.සුරා හතරමං හන්දිය ලගලු."

ඒ වචන ටික මගේ කටින් පිට උනේ සිරාවටම එකසිය ගානට වඩා පොඩ්ඩක් වැඩිපුර කේන්ති ගිය හින්දයි.ඇයි රෙද්ද මු ගෙදරින් අඩි දහයක් එලියට ගියත් යන්නෙ බයික් එකේ.තව ටික දවසකින් කක්කුස්සියට යකොටත් එකේ යන්න පුරුදු වෙයි.

"ඕකනේ පුතා කියන්නෙ කැපිල්ල කියල.නිකන් සැපට එක්කන් යන්න හැදුවම දෙන ටෝක් ද ඕව ආ...හරි හරි එහෙනම් මේක ඔය කොහෙන් හරි පාක් කරල චුත වෙමු නැත්නම් ඉතිං අරුන් ටිකගෙ ධර්ම දේශනා අහන්න තමා වෙන්නෙ."

"යමන් යමන් ,අම්මේ මම යනෝ එන්න ටිකක් හවස් වෙයි."

ඒ වචන ටිකේ අන්තිම හරිය කටෙන් පිට එනකොට මමයි  ගයයි ගෙදරින් මීටර් විස්සක් විතර ඇවිත් හිටියේ.

"ආ අයියල අද උදේම සෙල්ලම් කරන්න යනව  වගේ "

"අනේ නෑ නංගි අපි මේ ක්‍රිකට් පිතිත් අරන් මාළු බාන්න යනව උදේ පාන්දරම"

සේපාලිකා නංගි අහපු දේට මට කලින් උත්තර දීපු ගයා හතර මහා නිදානේ ලැබිච්ච එකෙක් වගේ හිනාවෙන්න  ගත්ත.එක අතකින් උ කියපු එකේ වැරැද්දකුත් නෑ.ඇයි දෙයියනේ ඕන පිං ගොනෙකුට තේරෙනවනෙ පිති අරන් යන්නෙ ක්‍රිකට් ගහන්න මිසක් මාළු අල්ලන්න නෙමේ කියල.

අපේ අනිත් කට්ටිය හිටපු තැනට එනකොට වෙලාව උදේ 7.30 ට විතර ඇති.

අපි එතනට යනොකොට එතන හිටියෙ ප්‍රදීපුයි,සචින්තයි විතරයි

"ඒ සචිය කෝ බං කොටයි අලියයි "
අපේ සෙට් එකේ කොටා කියල කියුවේ හසිතට,අලිය කිවුවේ සුදේශ් ට.

"උන් දෙන්න ටවුන් එකට ගියා ,අනිත් උන් ටික ටවුන් එකට ඇවිල්ලලු.ඉක්මනට යමන් වේලාසන ගියොත් පොඩි ප්‍රැක්ටිස් පාරක් දාගන්න පුළුවන් වෙයි"


කියපු ප්‍රදීප් පෙරමුණ ගත්ත.

"හෝව් හෝව් හෝව්, අඩේ උදේ පාන්දරම විටමින් එක ගන්නෙ නැතුවද උබල යන්න හදන්නේ.පොඩ්ඩක් ඉදහන්කෝ කඩේට ගිහින් එනකම් "


අම්මප මුගේ කට.මුටනම් නිකොටින් ලොරියක් තිබුනත් මදි

"උබ ඕන මගුලක් කරගෙන වරෙන් අපි ටවුන් එකට යනව"

විනාඩි කීපයක් යද්දී අපි කතාවෙන් කතාවෙන් ටවුන් එකට ආව.නිකොටින් ශරීරගත කරගන්න ගියා ගයානුත් අපිට පිටිපස්සෙන් අපි ලගටම ඇවිත් තිබුන.වැඩි වෙලා යන්න හම්බුනේ නෑ ගම්පහ බස් එකක් ඇවිත් නැවැත්තුව.ඉක්මනට එකේ එල්ලුන අපි පිටිප පස්සෙ සීට් එකේ වාඩි උනා

"මචං රසියා "

කොටා මගේ පිටට හෙනගහනව වගේ තට්ටුවක් දැම්ම.

"මොකද බං උබට වෙලා තියෙන්නෙ.කියන දෙයක් හිමිට තට්ටු කරල කියහන්කෝ."

"මේ බලහන්කො අර ඉස්සරහ සීට් එකේ ඉන්න කෑලි දෙක."


මුට ඉතිං කෙල්ලෙක් කිවුවොත් එතනින් එහාට ආයේ දෙයක් නෑ..දකින දකින කෙල්ලන්ට විහිළු කරනව.වෙලාවක මු කාගෙන් හරි නැව් ගානකට කාල තමා නවතින්නෙ.

"ඉතිං දැන් මට මොකද කරන්න කියන්නෙ"
බොරු කේන්තියක් මුනට මආගෙන මම ඇහුව.

"වරෙන්කො ඉස්සරහට යන්න "

"අනේ මේ උබට ඕනනම් පලයන්,මට ඇදගෙන නාන්න උවමනාවක් නෑ"

ඒ වචන ටික කටින් පිටවෙන්නත් කලින් මු ඉස්සරහ සීට් ඒක ලගට ගිහින් මොනවද කියනව ඇහුන.වෙන ඕන දෙයක් වෙච්ච දෙන් කියල අපි ටික බොරුවක් කියාගෙන ගම්පහට ඇවිත් පිට්ටනිය ලගට එනකොට මැච් ඒක පටන් ගන්න හැමදේම ලෑස්ති කරල තිබුනේ..ටික වෙලාවක් යද්දී නම් ටික බාර දීල මැච් ඒක පටන් ගන්න තැනට ගියා.

ටික වෙලාවකින් මැච් ඒක පටන් ගත්ත.පන්දු ඕවර 8 ක මැච් 3 ක්‌ .පලවෙනි මැච් එකේ ටොස්‌ ඒක පරාද උන අපි පිට්ටනිය හතර පස අතට විසිර ගියා.ඕවර් 8 ඉවර වෙනකොට අනිත් ටිම ඒක ලකුණු 65 යි ගැහුවේ.ඒ මැච් ඒක අපි දිනුවේ හරිම සැහැල්ලුවෙන් 

"ඒ රසියා.මොකෝ බං කල්පනාව.යමන් යමන් මෙතන මනෝ ගගහ ඉන්නෙ දෙවැනි මැච් ඒක පටන් ගන්න ලගයි."

ගයිය බෙරිහන් දීගෙන ලගට ආවම මගේ මනෝ ලෝකය කැඩුන බව තේරුණා.එත් එච්චර වෙලාවක් මම එතන හිටියෙ ඇයි කියල හිත හිතාම පිට්ටනිය පැත්තට යනකොට අපේ ටීම් ඒක සෙල්ලම් කරන්න පටන් අරන් තිබුනේ.
දෙවැනි මැච් ඒක පරාද උන අපි තුන වෙනි මැච් ඒක දිනල තුනට දෙකක් විදිහට තරගාවලියේ ජය වාර්තා කළා.


මැච් ඒක සෙල්ලම් කරල ඉවර වෙලා ටිකක් ඉදල අපි වතුර බොන්න ටැප් එකට ආව..


"මොකද්ද බං අලියො උබේ බඩක්ද තියෙන්නෙ නැත්නම් බවුසරයක්ද බං..ඉක්මනට බීපන්කෝ"

විනාඩියක විතර වෙලේ ඉදන් ටැප් ඒක ලග හිටපු සුදේශ් දිහා බලල හසිත කියපු විදිහට අපිටත් බකස් ගාල හිනා ගියා .

එතන කෙල්ලො ටිකක් හිටිය.අපි වතුර බීල ඉවර වෙන්න හදනකොට එයාල වතුර බෝතල් ටිකකුත් අරගෙන ටැප් එක ලගට එනවා දැකපු මම ප්‍රදීප් දිහා බලල ඇහැක් ගැහුව.කෙල්ලො ටික ලගටම එනකම් ඉදල අල්ල පුරා පුරවගත්ත පතුර ටික ප්‍රදීප් ඉන්න පැත්තට විසිකරද්දී එක තප්පරෙන් මිනිහ එහාට උනේ මම ඇහැ ගහපු නිසයි..

සීතල වතුර බිදු ලය දිගේ බෙරෙද්දී මිහිරි කටහඩක දොන්කරයක් කන දෙක ගාව ඇහෙන්න පටන් ගත්ත 


"මේ හලෝ තමුසෙට පිස්සුද.මහ මී හරකෙක්.තමුසෙලට කෙල්ලෙක් පෙන්න බැරිද.මැනස් කියල බින්දුවකත් නැද්ද.මොන බුරු හරක් රැලක්ද මන්ද . "

හිටපු ගමන් මහා දාරනිපාත වැස්සක් කඩා හැලෙනව වගේ වතුර පාර වැදුන කෙල්ල කියවගෙන කියවගෙන යද්දී.අපිට හිනාවෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.

"මචං ගයියා බලහන්කො අර කෙල්ලගේ මුණ.අබ අහුරක් දැම්මොත් පට පට ගාල පුරුරනව .හ හ හා "

තවත් මොහොතක් හෝ මෙතන හිටියොත් සායම් සේරම හෙදෙන විත්තිය දනගෙනද කොහෙදෝ තුනේ කල්ලියකින් යුතු සමනලියන් රෑන අපි ගාවිත් ඈත් ව්වෙලා යන්න ගියා..

"දැන් ඇති බං ප්‍රදීප් ඕක නවත්ත ගනිල්ලා.උන් ගියා  "

තාමත් හිනාවෙන ප්‍රදීපුයි ගයියයි දිහා බලල බැරිම තැන මම කිවුව.

"මෙන්න මුට සත්ව කරුණාව පහල වෙලා.හා හා වරෙන් යන්න ඇදුම් ටික ඇදගෙන ගෙදර යමන්.මෙතන වල බහින්න තමා වෙන්නෙ නැත්නම්."

අලිය මගේ කරේ ඇත දාගන්න ගමන් පැවිලියන් එක පැත්තට ගියා......
"අදනම් පට්ට දවස නේද,හිතුවෙවත් නැති විදිහට මැච් එක දිනුවේ.උබට මතකද අලිය අර කැච් එක ගන්න දුවපු හැටි.මතක්වෙනකොට තාම හිනා.."ගයිය මයික් එක අරන් කතාව පටන් ගත්ත..

"ඔව් ඔව් එතකොට කවුද අර එල් බි එක අවුට් නෑ කියල කා ගැහුවේ."

"ඇයි බං අලියො අර වයිට් එකට කෑ ගාපු හැටි " 

අලියාගේ ඒ කතාවට මමත් එකතු උනේ ගයියව ටිකක් කපන්න කියල හිතාගෙන.

"හා හා හා.ඔන්න ඉතිං උබල දෙන්න මගේ කට අවුස්සා ගන්න තමා හදන්නෙ.දන්නවනේ මගේ කට ඇවිස්සුනොත් නගර සබාවේ කුණු ලොරිය ගියා වගේ තමා කියල"

අම්මප ගයියගේ ඒ කතආනම් සහතික ඇත්ත.මු එක්ක අපි කාටවත් කතා කරල දිනන්න තියා හැරෙන්නවත් බෑ.වෙලාවකට මුත් එක්ක මලත් පනිනවා.
කතාවෙන් කතාවෙන් අපි ඉබි ගමනින් ඉස්සරහට එනකොට සීතල වතුර පාරක් අග දිගේ බේරෙන ගමන් මම වටපිට බැලුවෙ වතුර එකකින් ගහපු එකා මොකාද කියල බලන්න..

"හ හ හා... හ හා.අනේ පව් බං මෑන් ඔෆ් ද සීරියස් තෙමිච්ච කුකුල වගේ වෙලා "

 අපි හිටිය තැනට ටිකක් එහායින් බිත්තියක් මුල්ලෙ ඉදන් එන ඒ ලස්සන කටහඩ අදුරගන්න මට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.මම කලින් වතුර ගහල සායම් හෝදපු කෙල්ලයි ඒ කෙල්ලගේ යාළුවො ටිකයි මන දිහා බලාගෙන හිනා වෙනව.මොනා කරන්නද ගහන්න බනින්න කියලද,මමනනේ ඇදගෙන නැවේ..දැන් ඉතිං කාල වරෙන්කො.යන්නත් ඕන බස් එකේ..

"අයියේ තුවායක් ගෙනල්ල දෙන්නද පිහිද ගන්න "

තවත් කෙල්ලෙක් එහෙම කියල හිනාවෙද්දි නංගි තුවාය අරන් පිහිදගන්න අහවල් එක කියන්නත් හදල හරි අමාරුවෙන් සද්ද නැතුව හිටියේ.

"මල්සරා බැල්ම හෙලා මුගේ සිතට කොදුරනවා...
රන්මලී ...
රන්මලී වතුර  ගසා බක බක ගා හිනැහෙනවා ....
මල්සරා ......."


කොටා මගේ ලගට ඇවිත් එහෙම කියද්දී අර කෙල්ලො ටිකටත් හිනා..අම්මප මුන් මගේ යාළුවො උනේ පෙර කරුමෙකටද මන්ද කියල හිතෙන්නේ මේ වෙලාවට තමා...ඇයි දෙයියනේ ගැහෙන වැටුන මිනිහට ගොනා ඇන්න වගේ වැඩනේ මුන් කරන්නෙ...

"නංගි මේ  ගම්පහ ටවුන් එකෙදිනම් පෙන්න ඉන්න එපා,එකෙන්ම බෞසරයක් හරි ගෙනල්ල නාවනව මේ කරපු දෙටනම් හරි "

කරකියාගන්න දෙයක් නැතුව ගල ගැහිලා වගේ හිටපු මම අන්තිමට අර කෙල්ල ලගට ගිහින් මුනට ඇගිල්ලක් දික් කරල කියල එන්න ආව..
තෙමන ඇදුම් පිටින්ම ගම්පහ ටවුන් එකට එනකොට තරමක් දුරට ඇදුම් ටික වේලිලා තිබුනෙ.කට්ටියම එක්ක හෝටලේකට ගිහින් හොදට කාල බස් හෝල්ට් එකට එනකොට වෙලාව හවස පහට විතර ඇති...ඉරත් හාත් පස තිබුණු එලිය අඩු කරගෙන බැහැගෙන යනකොට අපි බස් එකට නැගල සුපුරුදු පරිදි පිටිපස්ස සීට් එකේ ඉදගත්ත.

"අඩෝ නැගිටහන් නැගිටහන් ,මොන ලෝකෙද ඉන්නෙ."

ගයිය එහෙම කියද්දී මම වටපිට බලද්දී හැබෑටම බහින තැනටත් ඇවිත්.ග්‍රවුන්ඩ් එකේදී උන සිද්දිය මම මෙච්චර වෙලා කල්පනා කලේ ඇයි කියල හිතාගන්න බැරුව බස් එකෙන් බැහැපු අපි මගක් දුර ඇවිත් හැමෝම ගෙවල් වලට විසිර ගියා...ගයිය හිටියේ අපේ ගෙවල් ලග නිසා උ විතරක් මාත් එක්ක ආව..අපේ ගේ ගාවට හැරෙන වංගුව ගාවදි ගයාන්ට සමු දුන්න මම ගෙදර ආව ගමන් සීතලෙන් ඇග වෙලාගෙන තිබුණු ඇදුම් මාරු කරල ඇදට වැටුන....................................................



---------මතුසම්බන්දයි ---------------------------------
(මේ මම ලියන පලෙනි කතාව,ජීවිතේ මීට කලින් මේ විදිහෙ කතාවක් ලියල නෑ .වැරදි අඩුපාඩුනම් සෑහෙන්න ඇති..වැරදි අඩුපාඩු ගැන මාව දැනුවත් කරන්න ඔයාලට පුලුවන්නම් ඒ දේවල් හදාගෙන තව ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියල හිතනව .ස්තුති )













7 comments:

St.Joseph's Youth Society said...

patta kathawa........ ithuru tikath oni.........

බිනරි said...

ඔන්න මාත් ආවා.....දිගටම ලියන්න මම දිගටම කියවනවා.....

dinuka said...

refelection 1k ne? hodai hodai.

kavindu ellawala said...

maxza machoooo

pradeep Suranga said...

සීසරයට ජය.. මමත් ඉන්නව එකෙන්ම ඈ...

ප්‍රබාශ් ලියනගේ said...

කතාව ලස්සනයි.වැරදි ටිකක් තියෙනව..පබ්ලිෂ් කරන්න කලින් අකුරු වල අඩුපාඩු තියෙනවද බලන්න...ඊ ලග කොටසත් බලාපොරොත්තු වෙනව....සුබ පතන්නවා ඔබට ..

කතන්දර පොට් එක said...

ස්තුති ST
ස්තුති අක්කේ.දිගටම ලියනව.වෙලාව තමා නැත්තෙ.
@දිනුක , කවිදු, ප්‍රදීප්, ස්ටුටිඕ ඔයාලටත්

@ප්‍රබාෂ්- ඔයාගේ මගපෙන්වීමට ස්තුති සහෝදරයා..වැරදි හදාගෙන ඊලග එක ලියන්න බලනව.

Post a Comment